Sunday, December 6, 2015

රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා


කදුළින් අවසන් වන පෙමු පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ....//
හිරකරලනු බැරි සෙනේ හැගුම් දිය
උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ
පෙම් සිත් බලා හිදියි
උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස
සිදී බිදී යා නම්....
කදුළින් අවසන් වන පෙමු පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ....
සිහිලස රැදි තුරු ලතා ගුලාවක
සගවා මා පැතුමන්
පියා සරන්නට එපා බිගුන් ලෙස
රහසින් දැක අන් මල්
උහුලා ගනු හැකි වෙද ඔබ උණුහුම
නිවී මැකී යා නම්.....
කදුළින් අවසන් වන පෙමු පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ....//



අවරගිරෙන් හිරු සැඟවී යන්නේ
වළා මැදින් සඳ එබී බලන්නේ
නිසල රැයකි මුළු ලොව සුව නින්දේ
නිදි දෙව්දුව නෑ අසළට එන්නේ
සඳේ කිරණ ඇයි එළිය නොදෙන්නේ
සුළන් රැල්ල ඇයි සිසිල නොදෙන්නේ
මලේ සුවඳ ඇයි මට නොදැනෙන්නේ
ඔබේ සුවඳ ඇයි මතකෙට එන්නේ
අඳුර එළිය කර සඳ පායයි දෝ
පවන් රොදක සිසිලස දැවටෙයිදෝ
සුවඳ ඉසින කුසුමන් පිබිදෙයිදෝ
සිත සනසන්නට ඔබ යළි එයිදෝ



වියරණ වැරදි ආදර කවියේ
ලද පෙම් විවරණ ගිලිහි
අහවරයක් නැති ආදර වියමන
අනවසරෙන් හිත තුල ගෙතුනේ
අප මග හැර ගිය ඒ ආදරේ අපට අදටත් ආදරේ
අප මග හැර ගිය ඒ ආදරේ අපට අදටත් ආදරේ
ලියවලින් එතුණු මල් වුයන් තෙරේ සක්මනේ පවා
නොයිදී තරු බොරළු ඇනෙන වළා මතින් හිත රිදී රිදී
ඇවිදි
දන්නවාද අපේ ආදරේ අපට අදටත් ආදරේ
දන්නවාද අපේ ආදරේ අපට අදටත් ආදරේ
වියරණ වැරදි ආදර කවියේ
ලද පෙම් විවරණ ගිලිහි
අහවරයක් නැති ආදර වියමන
අනවසරෙන් හිත තුල ගෙතුනේ

අප මග හැර ගිය ඒ ආදරේ අපට අදටත් ආදරේ
අප මග හැර ගිය ඒ ආදරේ අපට අදටත් ආදරේ
පිණි දියෙන් තෙමුණු මල් මුහුණු පුරා රොන් හාදු පාවා නොයේදී
ඇසි පියන් වසා සිට සිහින දොරින් පෙර වැරදි සොයා ඇවිදි
දන්නවාද අපේ ආදරේ අපට අදටත් ආදරේ
දන්නවාද අපේ ආදරේ අපට අදටත් ආදරේ



අවසාන ප්‍රේමයයි මාගේ..
නෑ පතන්නේ කෙනෙක් ආයේ..
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ..
මාව හැරදාලා ඔයත් යන්නට ගියා..
කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..
හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා..
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ..
ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...
කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..
ඔබේ මත්තේ නැහිලා නැහිලා..
මගේ හිත දැන් නොමැරි මැරිලා..
හදුනන්නෙ නෑ අයේ ඔබ මා..
මතක පොත දැන් හොදට පිරිලා..
ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...
කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..